Information
For more information about our classifieds, please check following links.
Welcome to Haripita.lk! Sign In Are you new to our site? Register now

1 photo

Description

QR CODE
Biyagama cooperative positions vacant
සී/ස බියගම විවිධ සේවා සමූපකාර සමිතිය තනතුරු පුරප්පාඩු

සී/ස බියගම විවිධ සේවා සමූපකාර සමිතියේ පුරප්පාඩු ව පවතින පහත සඳහන් තනතුරු සඳහා සමිති අභ්‍යන්තරයෙන් සහ සමිති බලප්‍රදේශ තුළින් පහත සඳහන් සුදුසුකම් ඇති අයගෙන් 2019-08-12 වැනි දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.

01 තනතුර : 104-8 තොග ගබඩා භාරකරු III ශ්‍රේණිය
වැටුප් පරිමාණය : 15724-180X10-220-X10-260x10-320x10 - 25524

සුදුසුකම්:
(අ) 104-9 වැටුප් පරිමාණයේ අදාල ක්ෂේත්‍රයේ තනතුරක අවුරුදු 02 කට නොඅඩු පළපුරුද්ද හෝ 105-10 වැටුප් පරිමාණයේ අදාල ක්ෂේත්‍රයේ එවැනි තනතුරක අවුරුදු 04කට නොඅඩු සේවා පළපුරුද්දක් ලබා තිබීම.

හෝ
(ආ) පිළිගත් විද්‍යායතනයක සැපයීම්/භාණ්ඩ කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව සහ පිළිගත් වාණිජ/කාර්මික ආයතනයක ගබඩා භාරකරු තනතුරක අවුරුදු 02කට නොඅඩු පළපුරුද්දක් ලබා තිබීම.

හෝ
(ඇ) සමූපකාර විද්‍යලෙය මගින් පිරිනමන ඩිප්ලෝමා සහතිකය/සමූපකාර සේවක (උ/‌‌පෙළ) සහතිකය/අ පො ස (උ/‌‌පෙළ) විෂයයන් 03කින් සාමාර්ථය සහ පිළිගත් වාණිජ/කාර්මික ආයතනයක ගබඩා පාලනය පිළිබඳව අවුරුදු 02කට නොඅඩු සතුටුදායක සේවා පළපුරුද්ද ලබාතිබීම.

වයස් සීමාව: අවම අවුරුදු 23 සහ උපරිම අවුරුදු 45 වේ.

02 තනතුර : 104-8 ප්‍රාදේශික කළමනාකරු III ශ්‍රේණිය
වැටුප් පරිමාණය : 15724-180X10-220-X10-260x10-320x10 - 25524

සුදුසුකම් :
(අ) 104-9 වැටුපු පරිමාණයේ තනතුරුවලට අදාල ක්ෂේත්‍රයේ ස්ථිර තනතුරක වසර 02ක සතුටුදායක සේවා පළපුරුද්ද ලබාතිබීම

හෝ
(ආ) අ පො ස (සා/‌පෙළ) විභාගයෙන් ගණිතය හා සිංහල භාෂාව ඇතුලු විෂයන් 04 කට සම්මාන සහිතව විෂයන් 06 කින් සමත්වවීම හෝ සමූපකාර සාමාන්‍ය ‌පෙළ සමත් වීම හෝ සහ පිළිගත් ආයතනයක අදාල ක්ෂේත්‍රයේ තනතුරක වසර 05 ක සතුටුදායක සේවා පළපුරුද්දක් ලබාතතිබීම ප්‍රාදේශිය කළමනාකරුවන් සඳහා අ පො ස (සා/‌පෙළ) ගණිතය සිංහල ඇතුලුව විෂයයන් හයකින් සමත්වීම සුදුසුකමක් සේ සැලකේ.

වයස් සීමාව: අවම අවුරුදු 18 සහ උපරිම අවුරුදු 45 වේ.

(‌ෙමෙයට අමතරව සමූපකාර සේවක කොමිෂන් සභා අනුමත සියලු දීමනා ‌ෙගෙවනු ලැබේ)
රු. 2500/- ක ජීවනාධාරයක් ‌ගෙවනු ලැබයි.
විශ්‍රාම වැටුප් සහිතයි.

මෙම ලිපිනයට අයදුම්පත්‍ර සමිතිය ‌ෙවෙත ඉදිරිපත් කරන්න.

ගරු සභාපති
සී/ස බියගම විවිධ සේවා සමූපකාර සමිතිය
සමූපකාර මන්දිරය
මාවරමණ්ඩිය - සියඹලාපේ
2019-07-29
දුරකථන : 0112977899 - 0112977199

Comments Add new

Add new comment
No comments added yet. Be first to leave comment!

Seller's info

Cooperative
Unregistered user

Listing location

Sri Lanka, Gampaha, Mawaramandiya

Seller's email address

Close
.
- you cannot copy & paste mail, you need to rewrite it
- do not send spam
- ask only questions related to this product
- do not be rude
Hello! Sign in to get more.
Home Search My account My alerts My personal info My listings Mail us
Refine search
Keyword
Category
Location

Region

City

Pictures
Price

Price:

-
Advanced
Clean search